දකුණු කොරියාවේ නව ජනපති ලෙස Lee Jae-myung තේරී පත්වෙයි

දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කළ Lee Jae-myung ජයගෙන තිබෙනවා.

ඡන්ද 50% කට ආසන්න ප්‍රතිශතයක් ලබා ගනිමින් ඔහු ජනාධිපති ධුරයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය වසරේ දෙසැම්බර් 03 වන දින හමුදා නීතිය ප්‍රකාශයට පත් කර රට පුරා නොසන්සුන්තාවක් ඇති කිරීම හේතුවෙන්, මින් පෙර එරට ජනපති ලෙස කටයුතු කළ යූන් සුක් යොල් ඔහුගේ නිල රාජකාරී කාලය අවසන් වීමට පෙර ධුරයෙන් නෙරපා දැමුණා.

පසුව විපක්ෂය විසින් ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ අතර, එය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් මේ වසරේ අප්‍රේල් 04 වන දින තහවුරු කර ඔහුව ධුරයෙන් පහ කරනු ලැබූවා

මේ හේතුවෙන් නව ජනාධිපති තෝරා ගැනීමට දින 60 ක් තුළ ජනාධිපතිවරයක් පවත්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.