ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
දේශීය කිරි අවශ්‍යතාව සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාර බවට පත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
දේශීය කිරි කර්මාන්තයේ පිරිවැය අවම කර ගනිමින්, පවත්නා සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින්, වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.