දයාසිරි CIDයට පැමිණෙයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා බහලුම් 323 මුදාහැරීම ගැන ඔහු විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.