ආයෝජන ප්‍රවර්ධනය සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) සඳහා නව ඒකකයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
2025 අයවැය කථාවේදී ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දෙන බවට කළ ප්‍රකාශය මෙම පියවරට පදනම් වී ඇති අතර, දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය වෙනුවට, විධිමත් නෛතික යාන්ත්‍රණයක් මත පදනම් වූ මෙම නව ඒකකය ස්ථාපිත කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.
ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීමටද අනුමැතිය ලැබී තිබේ.
මෙම නව ඒකකය නෛතිකව ස්ථාපිත කරන තෙක්, එහි මූලික කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා තාවකාලික ඒකකයක් පිහිටුවීමටද තීරණය වී ඇති අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම තාවකාලික ඒකකය, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කෙරෙන බව සඳහන්.
මෙම සමස්ත යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.
