දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ ලෙස අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කමිටුව අද (03) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විත කමිටුව පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තු සංකිර්ණයේ දී රැස්වූ අතර එහිදී නැවත අද (03) රැස්වීමට තීරණය කෙරිණ. එමෙන්ම වැලිගම සිදුවීමට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දිවුරුම් ප්‍රකාශ මඟින් අද දිනට පෙර ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා එදින එකඟතාව පළ කළේය. ඒ අනුව පරීක්ෂණ කමිටුව ලබන 03 වැනිදා පස්වරු 2.00ට, ජූනි 09 වැනිදා පස්වරු 2.00ටත් ජූනි 11 වැනිදා පෙරවරු 9.30ටත් වශයෙන් රැස්වීමට තීරණය විය. එමෙන්ම ලබන 16 වැනිදා සිට පරීක්ෂණ කමිටුව අඛණ්ඩව රැස්වීමටද මෙහිදී තීරණය විය. පරීක්ෂණ කමිටුව ලබන 11 වැනිදා සාක්ෂිකරුවන් කැඳවීමටත්, එදින පෙරවරු 09.30ට රැස්වීමටත් කමිටුව තීරණය කරනු ලැබිණි.
ස්වර්ණා විජේකෝන්