දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද (03) ආරම්භ වුණා.

එරට පුරා ඡන්ද මධ්‍යස්ථාන 14,295කදී ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට දකුණු කොරියානු ජනතාවට හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙවර ජනාධිපතිවරණයේ ඉදිරිපෙළ තරගකරුවන් වන්නේ කොරියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලී ජේ-මියුන්ග් සහ පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ යන දෙදෙනා බවයි සඳහන් වෙන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් 03 වන දින හමුදා නීතිය ප්‍රකාශයට පත් කර රට පුරා නොසන්සුන්තාවක් ඇති කිරීම හේතුවෙන් මින් පෙර එරට ජනපති ලෙස කටයුතු කළ යූන් සුක් යොල් ඔහුගේ නිල රාජකාරී කාලය අවසන් වීමට පෙර ධුරයෙන් නෙරපා දැමුණා.

පසුව විපක්ෂය විසින් ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ අතර, එය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් මේ වසරේ අප්‍රේල් 04 වන දින තහවුරු කර ඔහුව ධුරයෙන් පහ කරනු ලැබුවා.