ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.
ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ද්වි-පාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.