අද සිට දිවයින පුරා බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කෙරේ

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇතී බදු සතියට සමගාමීව අද (03) සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ජාතික බදු සතියට සමගාමීව ‘බදු ශක්ති’ නමින් මෙම වැඩසටහන ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ දී හා සියලුම ප්‍රාදේශීය මෙන්ම නගර කාර්යාල මගින් බදු ගෙවන්නන් දැනුවත් කරන බවද, එහිදී ජංගම බදු සේවා පැවත්වීමට ද කටයුතු යොදා තිබෙන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.