මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මෙම මස අග දී දැනට දරන මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඉන් අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවයි අද (02) පෙරවරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙරට බදු ආදායම් අඩු රාජ්‍යයක් බවට පත්වූ බවත්, එය නැවත යම් සාධාරණ බද්දකට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක්, ආයතනික ප්‍රතිසංස්කරණයන්, නීතිමය ප්‍රතිසංස්කරණයන් විශාල ප්‍රමාණයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉටුකළ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

බදු ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමේදී වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් සිදුකරන ලද කාර්යභාරය ඇගයීමට ලක් කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.