ආසියානු කලාපයේ පැතිර යමින්ත පවතින නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින්ද හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනය කොවිඩ් ප්‍රභේදයන් හඳුනා ගැනීමට සිදු කළ පරීක්ෂණවලින් ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් උප-ප්‍රභේද කිහිපයක් වන දැනට ආසියානු කලාපයේ පැතිරයන LF.7, XFG සහ MV.1 යන ප්‍රභේද මෙසේ හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතා “දිනමිණ”ට ඊයේ (31) පැවැසීය. පසුගිය මැයි මාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස විභාග අංශය වෙත ලැබුණු සියලුම කොරෝනා සාම්පලවල ජීනෝම් විශ්ලේෂණය සාර්ථකව සිදු කළ බවත් මෙම වාර්තාව අනුව හඳුනාගෙන ඇත්තේ Omicron ප්‍රභේදයට අයත් උප-ප්‍රභේද කිහිපයක් (LF.7, XFG සහ MV.1) බවට තහවුරු කර බවත් හෙතෙම කීවේය. මෙම ප්‍රභේද මේ වන විට චීනය, සිංගප්පූරුව, හොං කොං, සහ ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල ව්‍යාප්තව පවතින බවත්, ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වෛරසය සක්‍රීයව පැතිර නොමැති බවට පැහැදිලිව තහවුරු වන බවත් හෙතෙම පැවැසීය.
සන්ධ්‍යා කරුණාරත්න