කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයෙකුට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා, හෙට (03) දින අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නොතීසිය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව, ජුලි 23 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.