රුසියාවෙන් යුක්‍රේන අගනුවරට මිසයිල ප්‍රහාර : ඊසානදිග යුක්රේනය පුරා අනතුරු ඇඟවීම් නිකුත් කරයි

යුක්රේනයේ අගනුවර වන කියෙව් සහ අනෙකුත් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රුසියාව බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. 

මේ හේතුවෙන් මේවන විට කියෙව් අගනුවර ඇතුළු ඊසානදිග යුක්රේනය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

කියෙව් අගනුවර වෙත එල්ලවන රුසියානු ගුවන් ප්‍රහාරයක් මැඩපැවැත්වීමට යුක්රේන ගුවන් ආරක්ෂකයින් උත්සාහ කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.