මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

වේයන්ගොඩ, පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, 26 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.655ක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිතා කළ වෑන් රථයක් සහ මිනුම් උපකරණ ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.