ටෙහෙරාන් සහ වොෂින්ටන් අතර න්‍යෂ්ටික ගිවිසුමක් සඳහා ඇමරිකාව විසින් ඉරානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඉරානයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනයේ ප්‍රධානම මූලද්‍රව්‍යක් වන යුරේනියම් නිෂ්පාදනය වේගවත් වී ඇති බවට ඇමරිකානු න්‍යෂ්ටික නිරික්ෂණ ආයතනයක් විසින් නිකුත් කළ වාර්තාවකින් පසුවයි ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
එමෙන්ම, මෙම ගිවිසුම පිළිගැනීම ටෙහෙරානයේ හොඳම අවශ්‍යතාවයක් බවත්, ඉරානයට කිසිදු දිනක න්‍යෂ්ටික බෝම්බයක් ලබාගත නොහැකි බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බවත් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසා තිබෙනවා.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් විසින් ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක සහ පිළිගත හැකි යෝජනාවක් ඉරානයට යවා ඇති බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයේ ජනතාවගේ , ජාතික අවශ්‍යතා සහ අයිතිවාසිකම්වලට අනුකූලව ඇමරිකානු යෝජනාවට යෝග්‍ය ලෙස තම රට ප්‍රතිචාර දක්වන බවයි