ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසළ ඊශ්‍රායලය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ගාසා තීරයේ දකුණු නගරයක් වන රෆා අසල ඇමරිකාවේ සහය ලත් මානුෂීය ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසල මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ගාසා තීරයේ ක්‍රියාත්මක වන රෝහල් කිහිපයක් වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්.