පානදුර – මහවිල නල්ලොරුව මාර්ගයේ, දිබ්බැද්ද මංසන්ධිය ප්‍රදේශයේදී කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, කැබ් රථය පානදුර දෙස සිට මාදුපිට්ය දෙසට ගමන් කර ඇති බවයි.
එහිදී මෝටර් රථය අතුරු මාර්ගයකින් එම මාර්ගයට යොමු කිරීමේදී එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
තුවාල ලැබූවන් පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.