අධික වැසි තත්වයත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙයි.
එසේම එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු ස්වයංක්‍රීයව විවෘත වනු ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ හේතුවෙන් ජලාශයට පහළින් සිටින පිරිස් ඒ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙස ආපදා කළමනාකරණ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.