ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන් 3,000 ඉක්මවයි

ඉන්දියාවේ වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබෙනවා. 

ඒ අනුව, ඊයේ දිනය වන විට කොවිඩ් 19 රෝගීන් 3,395 ක් වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

ගතවූ පැය 24 තුළ පමණක් එරටින් වාර්තා වූ නව ආසාදන සංඛ්‍යාව 685 ක්. 

ඒ අනුව, කේරළ, මහාරාෂ්ට්‍ර, නව දිල්ලිය, ගුජරාට්, කර්ණාටක, තමිල්නාඩු, බටහිර බෙංගාලය සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවලින් වැඩි රෝගිීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.