ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩ නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල යන ප්‍රදේශවලට මෙම නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රදේශවල ජනතාව නායයාමේ තත්ත්වයන් ගැන විමසිල්ලෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටින්නේ.
මෙම අනතුරු ඇඟවීම අද (31) දින පස්වරු 9.00 දක්වා වලංගු වන බව සදහන්.