අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104ක, පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා.
අද (31) සහ පසුගිය දෙදින තුළ බලපෑ වැසි සහ තද සුළං හේතුවෙන් සිදු වූ ආපදා හේතුවෙන් මෙම හානි සිදුවී ඇති බවයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (පූර්ව දැනුම්දීම්) රවී ජයරත්න සඳහන් කළේ.
මෙම අයහපත් කාලගුණයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර, එහි පවුල් 327ක පුද්ගලයින් 1,278ක් අද උදෑසන වනවිට පීඩාවට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
එසේම, කොළඹ දිස්ත්‍රික්කයේද ස්ථාන 32ක ගස් කඩා වැටීම්, විදුලි රැහැන් බිඳවැටීම් වැනි ආපදා සිදුව ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම දිවයින පුරා අර්ධ නිවාස හානි 1,184ක් පමණ සිදුව ඇති බවට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය වෙත තොරතුරු ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.