පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසයි එම මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ.
අපදා තත්ත්වයක් ඇති වුවහොත් කටයුතු කිරීමට සියලු අංශ සූදානම් කර ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටිනවා.
පවතින අයහපත් කාලගුණයත් සමඟ මේ වන විට ප්‍රදේශ කිහිපයකට තද සුළං හා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.