මහියංගණය එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක කරු වීරරත්න මහතා සිය ධුරයෙන් ඊයේ (28) ඉල්ලා අස්විය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස කීවේය.
“එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහලේකම්වරිය වන තලතා අතුකෝරාළ මහත්මියට ලැබීමට සැලස්වූවා. එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතාට වගේම එක්සත් ජාතික පක්ෂයට මම ආදරෙයි. පක්ෂය වැටී අසරණ වූ අවස්ථාවේ පක්ෂය වෙනුවෙන් මම විශාල කැපවීමකින් කටයුතු කළා. නමුත් එක්සත් ජාතික පක්ෂයට අරක් ගත් මහ පොළොවේ පය නොගහපු කිහිප දෙනකුගේ ක්රියාකලාපය නිසා එක්සත් ජාතික පක්ෂය තවදුරටත් කඩා වැටෙමින් යනවා. ඔවුන් ආසන සංවිධායකවරුන්ගේ ප්රශ්නවලට, ගැටලුවලට ඇහුම්කන් නොදීම නිසා මම කලකිරීමට පත්ව සිටිනවා. එනිසාම මේ තීරණය ගත්තා.”