කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් නියම වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරුවන් සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව අධිකරණය විසින් වරදකරුවන් කෙරෙන සිරකරුවන්ට අන්දවන ‘ජම්පරය’ හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට ඇඳීම සඳහා මේ වන විට ලබාදී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කළේ.
එසේම ඔවුන්ට නිදා ගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.