බදු සතියට සමගාමිව බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන ස්ථාන ගැන දැනුම්දීමක්

බදු සතියට සමගාමිව බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන ස්ථාන සහ වේලාවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

බදු සතිය ජුනි 02 වැනිදා සිට ජුනි 07 වැනිදා දක්වා පැවැත්වෙන බවයි දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ප්‍රාදේශීය කාර්යාල 14ක් ආවරණය වන පරිදි, ජුනි 03 වැනිදා මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.