අයහපත් කාලගුණය සමඟ පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, එම ප්‍රදේශයට මිලිමීටර් 75.2 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව වටවල, ඇහැලියගොඩ, දැරණියගල සහ සාලාව යන ප්‍රදේශවලට මිලිමීටර 50ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.