කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් දිවයිනට

වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර ඊයේ (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

වීසා නොමැතිව , කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින්  එරට විවිධ රැකියා වල නිරත වී සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන සිර ගෙවල් සහ රැදවුම් මධ්‍යස්ථාන වල රදවා තබා සිටීමෙන් පසුව  එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද මැදිහත් වීම මත මෙසේ ආපසු එවා තිබූණි .

මෙම පිරිස කුවේට් රාජ්‍යයේ සිට සාජා නුවර වෙත රැගෙන විත්  එතැන් සිට ඊයේ අලුයම 04.30 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී. 9 – 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී විසින් ඔවුන්ට සිය ගම් – බිම් බලා යාමට අවශ්‍ය මුදල් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණි .