ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර හමාස් සංවිධානය සමඟ පවතින ගැටුමෙන් ඔබ්බට ගොස් ඇතැයි යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සංගමයේ ඉහළම රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක වන කජා කල්ලාස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෙසු සහනාධාර නියෝජිතයන් යටපත් කර අමෙරිකාවේ සහයෙන් ඊශ්‍රායලය ආරම්භ කළ මානුෂීය ආධාර බෙදාහැරීමට නව මාදිලියේ වැඩසටහනට යුරෝපා සංගමය කිසිදු සහයක් ලබා නොදෙන බවය. පෞද්ගලික ආරක්ෂක කණ්ඩායමක් යොදා ගනිමින් ඊශ්‍රායලය ආරම්භ කළ ගාසා තීරයේ ආහාර බෙදා හැරීමේ නව වැඩසටහන සම්බන්ධව අදහස් පළ කරමින් ඇය සඳහන් කර ඇත්තේ මානුෂීය ආධාර පෞද්ගලීකරණය කිරීමට යුරෝපා සංගමය සහය නොදක්වන බවය.
සිවිල් වැසියන්ට යුද්ධය බලපා ඇති ආකාරය බැලීමේදී එය හමාස් ත්‍රස්තවාදයට එරෙහිව සිදු කරන යුද්ධයක් ලෙස සාධාරණය කළ නොහැකි බවට පසුගියදා ජර්මානු චාන්සල් ෆෙඩ්රිච් මර්ස් කළ ප්‍රකාශය සිහිපත් කරමින් කජා කල්ලාස් අවධාරණය කර ඇත්තේ ගාසා තීරයට වැඩිම මානුෂීය ආධාර සපයන යුරෝපා සංගමය බවය. එහෙත් ඊශ්‍රායල හමුදාව ඉන් වැඩි ප්‍රමාණයක් පලස්තීනුවන්ට ලබාගත නොහැකි ආකාරයෙන් සීමා පනවා ඇතැයි ඇය සඳහන් කර තිබේ.