අයහපත් කාලගුණයෙන් පවුල් 485ක් පීඩාවට පත්වෙයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 485කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමග ඊයේ (29) සවස් කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් ඇති වූ අතර, දිස්ත්‍රික්ක 09කට වර්ෂාවෙන් සහ සුළං තත්ත්වයෙන් හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

නිවාස 03ක් පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර, තවත් නිවාස 365කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.