අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටින පිරිස බේරා ගැනීමට හෙලිකොප්ටරයක් යොමු කරයි

අයහපත් කාලගුණයත් සමඟ බලපිටිය වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටින පිරිස බේරා ගැනීමට හෙලිකොප්ටරයක් යොමු කිරීමට ආරක්ෂක අමාත්‍යංශය ගුවන් හමුදාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඔවුන් බේරා ගැනීම සඳහා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයක් යොමු කිරීමට උපදෙස් ලබාදුන් බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.