සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීම, තුරඟ තරඟ මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත, සූදු ආඥා පනත සහ කැසිනෝ ආඥා පනත ඉවත් කිරීම, ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කර ගනිමින් මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව සූදූ ක්‍රීඩා නියාමන අධිකාරි පනත යනුවෙන් හඳුන්වාදීමට නියමිත අතර, සූදූ ක්‍රිඩාවලට අදාළ ආදායම් එකතු කිරීම, සූදු ක්‍රීඩාව පවත්වාගෙන යාමේදී ඒවායේ විනිවිදභාවය සහ යහපාලනය පිළිබඳව සහතික කිරීම, සූදු ක්‍රීඩාවලට අදාළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්විම ඇතුළු යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීම මෙම සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණ වනවා.