විදෙස් සිසුන්ගේ නව වීසා අයදු­ම්පත් ට්‍රම්ප්ගේ නියෝ­ග­යෙන් අත්හි­ටු­වයි

අමෙ­රි­කාවේ ශිෂ්‍ය වීසා බල­පත්‍ර ලබා ­ගැ­නී­මට විදේ­ශීය සිසුන් සඳහා පව­ත්වනු ලබන සියලු සම්මුඛ පරී­ක්ෂණ වහාම අත්හි­ටු­වන ලෙස එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ලොව සිය­ලුම රට­වල අමෙ­රි­කානු තානා­පති කාර්යා­ල­ව­ලට සහ කොන්සි­යු­ලර් කාර්යා­ල­ව­ලට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝ­ග­ය­කට අනුව විදේශ කටයුතු ලේක­ම්ව­රයා මේ දැනු­ම්දීම සිදු කර ඇති අතර, අමෙ­රි­කා­වට පැමි­ණෙන විදේ­ශීය සිසුන්ගේ සමාජ මාධ්‍ය­ජාලා ක්‍රියා­කා­ර­කම් නිරී­ක්ෂ­ණය කිරීමේ ක්‍රම­වේ­ද­යක් සකස් කර­න­තුරු එම වීසා තහ­නම ක්‍රියා­ත්මක කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා තීර­ණය ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. වැඩි­දුර මාර්ගෝ­ප­දේශ දැනු­ම්දෙ­න­තුරු ශිෂ්‍ය වීසා අය­දු­ම්පත් සඳහා වන සම්මුඛ පරී­ක්ෂණ පැවැ­ත්වීම, ඒ සඳහා වේලාව ලබා­දීම අත්හි­ටු­වන ලෙස අමෙ­රි­කාවේ විදේශ ලේක­ම්ව­රයා ලොව සියලු රට­වල පිහිටි අමෙ­රි­කානු තානා­පති කාර්යා­ල­ව­ලට උප­දෙස් දී ඇති අතර, ත්‍රස්ත­වාදී ක්‍රියා­කා­ර­කම් සඳහා සහ­යෝ­ගය පළ කරන විදේ­ශීය සිසුන් හඳුනා ගැනීම සඳහා අමෙ­රි­කානු රජය දැන­ට­මත් ඔවුන්ගේ සමාජ මාධ්‍ය­ජාලා ගිණුම් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.