රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරග පාවාදීමේ චෝදනාවකට වරද පිළිගත්, ලංකා T10 ලීගයේ Galle Marvels කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර්ට වසර 10කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඔහුට රුපියල් මිලියන 06ක දඩයක් ද නියම කර ඇති අතර, රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට ද මහනුවර මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ඊට අමතරව, විමර්ශනවල කොටසක් ලෙස තක්කාර්ගේ ජංගම දුරකථනයෙන් දත්ත බාගත කර පරීක්ෂා කරන ලෙස ICC දූෂණ විරෝධී ඒකකය කළ ඉල්ලීමකට මහනුවර මහාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.