දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්කුඩු කිලෝග්‍රෑම් 778 කට ආසන්න ප්‍රමාණයක් ධීවර යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින්, මෙම සැකකරුවන් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇති අතර, එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් සතියක කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.