නව කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරිම වැඩි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව නව COVID-19 ප්‍රභේදයෙන් එල්ලවන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවත්, උණ සඳහා ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ නිරීක්ෂණ කටයුතු ඉහළ දමන ලෙසට අමාත්‍යාංශය විසින් රෝහල්වලට උපදෙස් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේ.
නව COVID-19 ප්‍රභේදය පිළිබඳ මෙරට තත්ත්වය අඛණ්ඩව හා සමීපව නිරීක්ෂණය කරන බවත්, සීමාවන් පැනවීම සිදු නොකරන බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.