දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

දුමින්ද දිසානායක ජුනි මස 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගියදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.