තැපැල් වර්ජනය අද ක්‍රියාත්මකයි

තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද (29) දිනයේත් ක්‍රියාත්මක වනවා.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් වූ සංදේශයක් අද (29) දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත භාරදීමට සැලසුම් කර ඇති බවයි එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ සඳහන් කළේ.

තැපැල් මූලස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැත්වෙන උද්ඝෝෂණයෙන් අනතුරුව, එම සංදේශය භාරදීම සඳහා පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යාමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.