චීනයේ රසා­ය­නික කම්හ­ලක පිපි­රී­ම­කින් 5ක් මරුට

නැඟෙ­න­හිර චීනයේ ෂැංඩොං ප්‍රාන්තයේ පිහිටි රසා­ය­නික කම්හ­ලක සිදුවූ දැවැන්ත පිපි­රී­ම­කින් පුද්ග­ල­යන් පස්දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, තවත් පුද්ග­ල­යන් 6 දෙනකු අතු­රු­දන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපි­රී­මත් සමඟ එහි තිබූ රසා­ය­නික ද්‍රව්‍ය ඒ අවට පිහිටි නිවා­ස­ව­ලට විසිරී ගොස් ඇති අතර, පිපි­රීමේ කම්ප­න­යෙන් නිවා­ස­වල වීදුරු කවුළු බිඳී ගොස් ඇතැයි ද වාර්තා වේ. කිලෝ­මී­ට­ර­ය­කට ආසන්න දුරක් කම්ප­න­යට ලක් කළ රසා­ය­නික කම්හලේ පිපි­රී­මෙන් පුද්ග­ල­යන් 19 දෙනකු තුවාල ලබා රෝහ­ල්ගත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එම පිපි­රීම සම්බ­න්ධව පරී­ක්ෂ­ණ­යක් සිදු කිරී­මට ෂැංඩොං ප්‍රාන්ත බල­ධා­රින් තීර­ණය කර ඇති අතර, වායු­ගෝ­ලයේ තත්ත්වය පරී­ක්ෂ­ණ­යක් සිදු කිරී­මට ද නිය­මිත බවද වාර්තා වේ. රසා­ය­නික කම්හ­ල්වල පිපි­රීම් චීනයේ සුලබ සිදු­වී­මක් වන අතර, 2015 වසරේ ටියැ­න්ජින් ප්‍රාන්තයේ සිදුවූ එවැනි පිපි­රී­ම­කින් පුද්ග­ල­යන් 170 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී තවත් පුද්ග­ල­යන් 700කට පමණ තුවාල සිදුවී තිබිණි.