රේගුවේ බහාලුම් තොගයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයාට එල්ල වන චෝදනා පිළිබඳ විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල විසින් සිදුකර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා නීතීඥ නලීන් සම්පත් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ නිදහස් කරන ලද බහාලුම් තොගයේ ආයුධ තිබුණු බවට සැක පළ කරන බවයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.