SpaceX සමාගමේ Starship යානය පුපුරා යයි

ඉලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් දියත් කරන ලද Starship රොකට්ටුවේ 09 වැනි පරීක්ෂන පියාසැරියේදී ‍එම රොකට්ටුව පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට අද උදෑසන මෙම රොකට්ටුව ගුවන්ගත කළ අතර, එය ගුවන්ගත කර මිනිත්තු 30ක කාලයකට පසු පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

යානයේ ඇති වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් මෙම පුපුරායෑම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.