නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුවක් විභාගය සඳහා ජුනි මස 09 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කර තිබෙනවා.
ඒ අනුව, නඩුව අද කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂක විධිවිධාන මැද විත්තිකාර ‘හරක් කටා’ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.