සහනාධාර ට්‍රක් රථ 15ක් ගාසා තීරයේදී කොල්ල කයි

ලෝක ආහාර වැඩසටහන යටතේ ගාසා තීරයට ගිය සහනාධාර ට්‍රක් රථ 15ක් කොල්ලකෑමට ලක්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දින 80කට වැඩි කාලයක් පුරා ඊශ්‍රායල හමුදාව විසින් අවහිර කරනු ලැබූ ගාසා තීරයට සහනාධාර ට්‍රක් රථ ප්‍රවාහනය කිරීම පසුගියදා ආරම්භ වූ අතර, පළමු දිනයේදි ට්‍රක් රථ 107ක් ගාසා තීරයට පැමිණි බව වාර්තා වේ.

අධීක කුසගින්නෙන් පීඩා විඳින පලස්තීන ජනතාවට අත්‍යවශ්‍ය සැපයුම් සඳහා අවසර ලැබී ඇති ට්‍රක් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවත්, විශේෂයෙන් ළදරු ආහාර, පිටි සහ පෝෂණ අතිරේක වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වී ඇතැයි ගාසා තීරයේ මානුෂීය ආධාර බෙදාදීමේ නියෝජිතයන් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.