ඉන්දියාවට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් දකුණු මුම්බායි නුවර පළාත් රැසක් ගංවතුරෙන් යටවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා දිනය පුරා ධාරානිපාත වර්ෂාවක් පතිත වූ බවත්, දකුණු මුම්බායි නුවර නිවාස, කඩසාප්පු සහ මහමාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
දකුණු මුම්බායි නුවර කිං එඩ්වර්ඩ් අනුස්මරණ රෝහලේ බිම් මහල ද ජලයෙන් යටවීම හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වී ඇතැයි වාර්තා වේ. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මෙවර මෝසම් වර්ෂාව අපේක්ෂා කර ඇත්තේ ජූනි මස 11 වැනිදා බව ද වාර්තා වේ.
පසුගිය ඉරිදා දිනයේ පැය 13ක කාලයක් පුරා මිලිමීටර් 250කට අධික ධාරානිපාත වර්ෂාව ඇද හැලීම ගංවතුර තත්ත්වයට හේතුවූ බව ද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.