මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක ජල කප්පාදුවක්

අද (28) පස්වරු 2.00 සිට සිකුරාදා (30) අලුයම 2.00 දක්වා මහනුවර ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 36ක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව මහනුවර නගර සභාව පවසනවා.

ඒ අනුව  පේරාදෙණිය පාර, විලියම් ගොපල්ලව මාවත, උසාවී සංකිර්ණය අසල සිට නගර සභා හන්දිය දක්වා කොටස, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙනිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීථි ආශ්‍රිත ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වෙන්නේ.

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදි කිරීමේදී සිදුවූ ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.