මත්ද්‍රව්‍ය කිලෝ 450ක් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රා 02 ගොඩබිමට රැගෙන එයි

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී ධීවර යාත්‍රා දෙකෙහි තිබුණු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් සොයාගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගය සමඟ ධීවරයින් 11ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.