පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ

පවතින අයහපත් කාලගුණයත් සමඟ පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 03ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් තත්පරයට ඝණ අඩි 4500ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන බවයි පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.