අක්කරපත්තුව කල්මුණේ මාර්ගයේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේදී ඊයේ (27) අක්කරපත්තුව දෙස සිට කල්මුණේ දෙසට ධාවනය වූ ටිපර් රථයක් එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු අක්කරපත්තුව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණා.
මරණකරු වයස අවුරුදු 40ක් වූ පාලමුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය අක්කරපත්තුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, මිනුවන්ගොඩ වේයන්ගොඩ මාර්ගයේ දෙවලපල ප්‍රදේශයේදී ඊයේ (27) මිනුවන්ගොඩ දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් ගමන් කළ වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබුණා.
මරණකරු වයස අවුරුදු 26ක් වූ හිඹුටියාන, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෘත ශරීරය මිනුවන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම පනාමුර ගමකන්ද මාර්ගයේ බටතිඹුර ප්‍රදේශයේදී ඊයේ (27) ගමකන්ද දෙස සිට පනාමුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබුණාමරණකරු වයස අවුරුදු 34ක් වූ බටතිඹුර, ඕමල්ල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
තවද කහටගස්යාය මහකණ්ඩිය මාර්ගයේ කහටගස්යාය ප්‍රදේශයේදී පෙරේදා (26) රාත්‍රියේ දී කහටගස්යාය දෙස සිට මහකණ්ඩිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන වාරී ඇලකට වැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු අම්පාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.
මරණකරු වයස අවුරුදු 23ක් වූ මහකණ්ඩිය, උහන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය ඥාතීන්ට භාර දී ඇති අතර, උහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
.