ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිල දී ගැනීමට රජය මඟින් එක් පුද්ගලයකු සඳහා දෙන ආධාර මුදල රුපියල් 20,000ක සිට රු.50,000 දක්වා වැඩි කර ඇත.
රාජ්‍ය නිලධාරීන් සඳහා සංඥා භාෂාව අතිරේක විෂයක් ලෙස ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව මෙම තීරණය ගෙන තිබේ.
ආබාධ සහිතභාවය පිළිබඳ සකස් කරන ලද වර්ගීකරණය සඳහා සභාවේ අනුමැතිය දීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙබ් අඩවි පරිශීලනයට ප්‍රවේශ පහසුකම් සහිතව නිර්මාණය කිරීම ද මෙහිදී තීරණය කර තිබේ.
නෙරංජලා වික්‍රමසිංහ