කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ලෝටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගනිමින් සිටින බවයි සඳහන් වෙන්නේ.
විරෝධතා පා ගමන වැළැක්වීම සඳහා කොටුව ලෝටස් වටරවුමෙන් මාර්ගය වසා දැමීටම පියවර ගෙන ඇති අතර මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.