අමෙරිකාව විසින් මෙරටට පැනවූ තීරු බදු සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් අද (27) වොෂින්ටන් හිදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.
අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය කළ ආරාධනයකට අනුව පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙනවා.
ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරටේ නියෝජිතයින් ඒ පිළිබඳව සාකච්ඡා පවත්වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.