රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ් අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 04ක සහ විශේෂ වියදම් ඒ්කක 02ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට නිර්දේශ කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
අදාළ වාර්තා මඟින් නිර්දේශිත බඳවා ගැනීම් සිදු කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.